Thursday, September 1, 2022

ගමරාලගේ අඬහැරය තෙවන දිගහැරුම - ලයිටුයි + වතුරයි

ලයිටුයි + වතුරයි

ගොඩකන්ද හෝළුවාගොඩ ගමේ ඉස්සර ඉතිං ලයිට් තිබුනේ නැහැ නොවැ. ලාම්පු කුප්පිය තමයි පත්තු කලේ ගෙදරක මොකක් හරි සංඟිදියක් තිබුනොත් ලයිට් පත්තු කොරනවා කියලා පත්තු ‌‌කරේ පැට්‍රල් මැක්ස් එක. ඒකට මැන්ටලේ ගැට ගහල ටැංකියට භුමිතෙල් දාලා මැන්ටලේ ලොකු වෙනකන් හුලං ගහලා පත්තු කොරනවා මාර එළියයි. 

ඔහොම කාලයක් යනකොට ර‌ට සංවර්ධනය කරනවයි කියලා පාරවල් වල කනු හිටවල කම්බි ඇදලා ලයිට් දුන්නා කියහංකෝ. ඔිං අපේ ගමේ කට්ටියත් අපිටත් ලයිට් දීපියෝ කියාගෙන බලං හිටියා ගමට ලයිට් දෙනකන් ඔන්න එතකොට හිටපු කීර්තිමත් දේශපාලකයෙක් වුන රිචඩ් පතිරණ මහත්තයා ඒක දැකලා අපේ ගමටත් ලයිට් දෙන්න කටුයුතු සුදානම් කලා. එතකොට අපට ලයිට් ගන්න ගේකුත් නෑ තිබුනේ පොල් අතු පැලක්. හැබැයි කම්බි අදින්න අපේ වත්තේ පොල් ගස් පහක් කැපුනා ඒත් පුදුම සතුටක් දැනුනේ ගමට ලයිට් එන නිසා.

ඔන්න ඉතිං ගුණසේකර ඉස්කෝලේ මහත්තයලැයි ගෙදර උත්සවයක් තියලා රිචඩ් පතිරණ මහත්තයා ඇවිල්ලා ලයිට් විවෘත කලා කියහංකෝ. එදා ගමටම මාර සතුටු දවසක්. අමතක නොවන සිද්දියකුත් උනා. ඒකාලේ ගමේ හැමෝගෙම වැඩවලට උදව්වට හිටපු පොඩි අප්පුහාමි මාමා එයාගේ පුතත් එක්ක ඇවිල්ලා සතුට වැඩිකමට ලොකුවෙන් කේක් කවලා පොඩි එකාට කේක් හිරවෙලා හැමෝගෙම ලගට ගිහින් එයා කෑගහනවා අනේ උගුරට අතදාලා ගන්නකෝ කියලා ඒත් කාටවත් තේරුමක් තිබුනේ නෑ මොකක්ද කරන්නේ කියලා අන්තිමට පාරේගෙදරවත්තේ සීයා කිව්වා, වාහේ නැගපිය බයිසිකලේට කොල්ල කරාපිටියට ගෙනියන්න කියලා දාගෙන ගියා.  එතනින් ලයිට් උත්සවේ ඉවරයි.

ඉස්සර හැම ගෙදරකම ළිං දෙකක් තිබුනා එකක් රවුමට හාරලා ගඩොලෙන් බැදලා වතුර ගන්න කප්පියක් දාලා තිබුනා ඒක බොන ළිද අනෙත් ළිද කොටු හැඩයට කපලා එක පැත්තකට කොටයක් දාලා ලොකු බක්කියක් එක්ක තිබුනා ඒක නාන ළිද ඒකෙන් ඇදගෙන තමා නෑවේ තව පාර අයිනේ පිං ළිදකුත් තිබුනා නොමිලේම නාන්න පුලුවන්. 

දැන් අපි කල්පනා කරා යකෝ නොමිලේ නෑවා වගේද අපේ ගමත් සංවර්ධනය කරගන්න එපැයි අපිත් කෑගැහුවා ටමුමට විතරද අපටත් වතුර දියව් කියලා. ඔන්න ඉතිං හොදට තිබ්බ පාරවල් ආයේ කඩලා බට දාලා ගමටම වතුර දුන්නා. දැන් හැමෝම වගේ නොමිලේ වතුර ගත්ත ළිං වහලා ඒවා උඩත් ගෙවල් හදලා පයිය්ප වතුර ගත්තා කියහංකෝ හරී සනීපයි ඇදගෙන නානවා වගේද සුරුස් ගාලා කරාමේ කරකවලා සූස් ගාලා වතුර මල යට ඉදන් නානවා දැන්නම් හොදටම සනීපයි ලයිට්වලටත් බිලක් එනවා වතුර වලටත් බිලක් එනව.

දැන් බිලත් නගිනවා - ප්‍රෙෂරුත් නගිනවා, දැං අපි කෑගහනවා බිල අඩු කරපිය කියලා ලොක්කෝ කියනවා අඩු කරන්න බෑ මෙච්චර කල් දුන්නෙත් පාඩුවට කියලා. එතකොට කවුද හරි කවුද වැරදි. අනේ මන්දා මේ සංවර්ධනේ දැකලා ඔලුවත් තෝන්තු වෙනවා. කට්ටියම හොදට නාගෙන ඉන්නකෝ 

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය තෙවන දිගහැරුම.

2022-09-01 බ්‍රහස්පතින්දා.

No comments:

Post a Comment

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...